Saturday, October 18, 2025
Homeවිදේශීයඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක්: ප්‍රහාරයේ නවතම තොරතුරු

ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක්: ප්‍රහාරයේ නවතම තොරතුරු

මැතිවරණ රැළියක් අමතමින් සිටියදී අමෙරිකාවේ හිටපු ජනාධිපති මෙන්ම ජනාධිපති අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ දකුණු කනට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් ඔහු කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා .

රැලියට සහභාගී වී සිටි තවත් පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මිය ගියා.

මෙම වෙඩි තැබීම රයිෆලයක් භාවිතයෙන් සිදු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ සැකකරු ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තරයේ හෙළා දැක ඇති අතර අමෙරිකාව තුළ මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා වලට ඉඩක් නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්