යාපනය නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීමේ සිදුවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් එළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන හෙයින් එම අවධානය වෙන අතකට හැරවීමට මෙසේ කටයුතු කරනු ඇති බව කී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading

මීට පෙර සිටි දේශපාලනඥයින් වැලි, කළුගල්, යකඩවලින් සොරකම් කිරීමට පුරුදුව සිටියද වර්තමානයේ ආහාර හා ඖෂධවලින් සොරකම් කිරීමට පුරුදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.මීට පෙර ‘බත් දුන් පියා’ යැයි හැඳින්වූ අයෙකු සිටියද වර්තමානයේ සිටින්නේ ‘වස දුන් පියෙකු’ වන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’Continue Reading

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිද්ධිකා සේනාරත්න මහත්මිය මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර වර්ග ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිහළ රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදන්ත හිමියෝ අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් විවේචනාත්මකව ප්‍රකාශ කළහ.ජනතාවට තමන් ආහාරයට නොගත යුතු ආහාර වර්ග මොනවාද යන්න දැනගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළ සුදන්ත හිමිගේ ප්‍රකාශය ‘ලයිෆ්Continue Reading

නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තු කරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පින්වත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක් සේ ලෝකයාට ලැඛෙනවා. ගස්වල වැඩ සිටින රුක්දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පා වෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේෂය, වෛරය, ක්‍රෝධය සකස්වෙනවා. මේ ද්වේෂයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මර බයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේෂය, වෛරය සකස්වෙනවා. මේ ද්වේෂයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්මයි. රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශ වෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේෂයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස් වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පින්වත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේෂය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව, අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පින්වත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේෂය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා? පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් බේරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? සීලයට. පින්වත් ඔබ සීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. සිල් පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ. සීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. සීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා. නව වසර පින්වත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…? මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.Continue Reading

පෙගසස් (Pegasus) යනු ජංගම දුරකතන සඳහා නිෂ්පාදනය කරන ලද මෘදුකාංගයක් වන අතර එම මෘදුකාංගය ස්තාපනය (install) කරන ලද ජංගම දුරකතනයක්, ජංගම ඔත්තු බැලීමේ උපාංගයක් (mobile surveillance) බවට පත් කර ගැනීමේ හැකියාව එම දුරකතනය ග්‍රහණයට ගත් හැකර්වරයා සතුවේ. අන්තර්ජාතික පරීක්ෂකවරුන් මෙය වර්ග කරනු ලබන්නේ ජනමාධ්‍යවේදීන් ගේ ඔත්තු බැලීම සඳහා යොදා ගන්නාContinue Reading

ලාංකික විවාහක රූ රැජින ලෙස කිරුළු පරදා අනතුරුව ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි මහත්මිය ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් කළාය.ඒ පසුගිය සතියේ පැවති ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සහභාගි වන ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරඟාවලිය අවසානයේදී ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැළඳි කිරුළ ආවේගශීලීව ගලවාContinue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සමග සංවාද කිරීමට යෑමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේලාව නාස්ති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.Continue Reading

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊයේ (09) මේ බව අවධාරණය කාළාය.ඒ සම්බන්ධයෙන් කලාපීය සහයෝගිතා පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණෙමින් මන්ත්‍රිනිය අවධාරණය කළ්Eඅ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රටටContinue Reading

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ඇමති චමල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයට අමතරව අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ උණුසුම් සිදුවීම් ගණනාවක් සිදු විය.එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන් කතා කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයContinue Reading

පරිසර විනාශය පිළිබඳව වන සමාජයේ කතාබහ අවසන් වී, එම අවධානය මේ වන විට විවාහක රූ රැජින තරඟාවලිය වෙත යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.අද (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් න්‍රඹන්න.Continue Reading