Tuesday, December 2, 2025
Homeදේශීයඇමතිගේ කතා බොරු කරමින් තිරිඟු පිටි මිල ඉහළට: සීනිත් උඩ යයි

ඇමතිගේ කතා බොරු කරමින් තිරිඟු පිටි මිල ඉහළට: සීනිත් උඩ යයි

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක් රුපියල් 25 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එම භාණ්ඩ දෙකෙහි මිල එලෙස ඉහළ දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.

තිරිඟු පිටි කිලෝවක් සඳහා ලබා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කිරීම හේතුවෙන් මෙලෙස එම භාණ්ඩවල මිල ඉහළ දැමූ බවයි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් කිසිසේත් පිටි මිල ඉහළ නොදමන බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණා.

READ:   නිදහස් අරගලයට පණදුන් වියට්නාමයේ පුංචි දොස්තර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්