Friday, March 29, 2024
Homeදේශීයවික්ටර් අයිවන් මහතා ජනපතිට සහ අගමැතිට යෝජනා කළ නව ප්‍රතිසංස්කරණ සැලැස්ම

වික්ටර් අයිවන් මහතා ජනපතිට සහ අගමැතිට යෝජනා කළ නව ප්‍රතිසංස්කරණ සැලැස්ම

ලංකාව ප්‍රති නිර්මාණය කිරීම – Victor Ivan
( සංෂීප්ත ප්‍රති සංස්කරන වැඩ සැලැස්ම)

1 .ප්‍රධාන අරමුණ:


තිබෙන දූෂිත, අකාරක්ෂම, ජනත විරෝධි හා යල් පැන්ගිය දේසපාලන පද්දති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට අදූෂිත, කාර්‍යක්ෂම, ජන හිතකාමි හා නවීන දේසපාලන පද්දති ක්‍රමයක් ඇති කරීම මගින් ශ්‍රී ලංකාව දැන් සිටින අවාසනාවන්ත තත්වයෙන් ගොඩගෙන සියලු දෙනාගේ ගෞරවයට හා අභිමානයට හේතුවන ශ්‍රී ලංකාවක් ප්‍රති නිර්මානය කිරීම මෙම ප්‍රතිසංස්කරන වැඩ සටහනේ ප්‍රධාන අරමුණ වේ.

අරමුණ වෙත ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රම වේදය:
රටේ ජනාදිපතිවරයා ගේද, අගමැති ප්‍රදාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේද,විරුද්ද පක්ෂ නායකයා ප්‍රධන විරුද්ද පක්ෂයේද, මහජනයාගේද සහාය ඇතිව පිලිගත් විවස්ථාපිත රාමුවක් තුල පාර දෘශ්‍ය ලෙසත් මජනයාට හා විවස්තාදායකට වගකියන ලෙසත් ” මහජන සහබාගි ක්‍රමයකට “
ප්‍රධාන අදියර දෙකක් යටතේ මෙම ප්‍රති සන්ස්කරන වැඩ සටහන ක්‍රියාත්මක කරනු ඇත.

2 අපේක්ෂිත ප්‍රදාන වෙනස් කම්:

1 බහුත්වවාදි ආකල්ප සහිත,අයිතිවාසිකම් හා වගකීම් ගැන අවබෝදයෙන් ක්‍රියා කරන,විනය ගරුක, නවීන පුර වැසි සමාජයක් ඇති කිරීම (අ) සමාජයට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීම

(ආ)වැඩ වසම් කුල බේදය මුලු මනින් අහෝසි කිරීම

(ඇ)අතුරු දහන්වුවන් ගැන සොයා බැලීම, ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා මතු එවැනි වැරදි සිදුවීම මුලු මනින් වැලකීමට අවශ්‍ය ප්‍රති පත්ති ඇති කිරීම.

( ඈ)පීඩිත ගනෙහි ලා සැලකිය හැකි සියලුම ජන කණ්ඩායම් ( වාර්ගික,ආගමීක, ලිංගීක හා සංස්කෘතික) ගැන සොයා බලන අතර ඒ සියලු දෙනාටද වෙනත් අයට හිමි මනුෂ්‍ය ගෞරව හා අයිතිවාසිකම් ලබාදීම.

( ඉ) ලිංගික සමානතාව තහවුරු කිරීම

( ඊ) පුරවැසියන් ගේ නන වැදෑරුම් නිදහස ශක්තිමත් කිරීම

( උ) ජන්ද බලය හිමි පුර වැසියන්ට ඔවුන්ට හිමි පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට තිබෙන අයිතිය මැතිවරන වලදී ජන්දය පාවිච්චි කිරීමේ අයිතියටක් සීමා නොකොට අත්‍යාවශ්‍ය අවස්තාවලදී විශාල මහජන සමූහයකට ඍජු ප්‍රජාතන්ත්‍ර වාදි ආකරයටද මැදිහත් වීමට අයිතිය ලබා දෙන විවස්තාපිත රාමුවක් ඇති කිරීම.කිරීම.( වෙනත් සමහර රටවල් මජනයාට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මැදිහත්වීම සදහා ලබා දී තිබෙන ප්‍රාරම්භනය, ආපසු කැඳවීම හා විකල්ප ජන මත විචාරනය යන ක්‍රම සැලකිල්ලට ගෙන පුද්ගලයින් ලක්ෂ තුන හතරක් තරම් විශාල ජන කණ්ඩායමකට එකට එකතුවී පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දෙන ක්‍රමයක් ඇති කල හැකිය.එවැනි අත්සන් සහිත යෝජනාවක් ඉදිරිපත් වූ විට එය පාර්ලිමේන්තුවේ නියාය පත්‍රයට ඇතුලත් කොට විවාදයට ගෙන ජන්ද විමසීමට ලක්කරන ක්‍රමයක් ඇති කල හැකිය.)

11 පාළකයාට නීතියට ඉහලින් සිටීමට ඉඩක් නැති,නීතියේ ආධිපත්‍ය හොදින් ක්‍රියාත්මවන, මහජනයාට හිමි පරමාධිපත්‍ය බලය නියෝජනයවන හා ක්‍රියාත්මක වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම

(අ) ජනාධිපති ක්‍රමය අහෝසි කොට නාමික ජනාධිපති කෙනෙකු සහිත ද්වි මණ්ඩල විවස්තාදායකයක් ඇති කරගනිමින් ආණ්ඩුවේ පාලන බලය මෙහෙයවීමේ වග කීම අග මැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත ලබා දීම

(ආ)පාර්ලිමේන්තු වේ ඇති වී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු ගැන සොයා බලන අතර නීතියට පටහැනිව මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමට ලබා දී තිබෙන ඉඩ මුලු මනින් අහෝසි කරන අතර කාර්‍යක්ෂම හා ඵලදායි පාර්ලිමේන්තු ක්‍රමක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම

READ:   ගෑස් මිල නගී?

( ඇ)දේසපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්තරවාදය සහතික කිරීමට හේතුවන නීති ඇති කිරීම හා ඒ සඳහා වන අදීක්ෂන බලය මැතිවරන කොමිෂමට ලබාදීම

( ඈ) තොරා පත් කරගන්නා නියෝජිතයන් හා ජන්ද දායකයින් අතර පවත්නා දුරස්ථ භාවය නැති කිරීම,අපේක්ෂකයින්ට මැතිවරනවලදී තරඟ කිරීම සඳහා යන විශල වියදම අඩු කිරීමට හේතුවන ලෙස දිස්තිරික්ක ක්‍රමය වෙනුවට මැතිවරන කොට්ටාශ ක්‍රමයකට බරතබන, ජාතික ලැයිස්තුවට අඩු නියෝජනයක් ලබා දෙන, සරල මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම

( ඉ) මැතිවරණ වලදී පක්ෂවලට හා අපේක්ෂකයින්ට ලැබෙන අදාර මුදල් හා මැතිවරන වියදම් සඳහා සීමා නීති ඇති කිරීම හා එම කටයුතු අදීක්ෂණය කිරීමේ බල මැතිවරන කොමිෂමට ලබාදීම.

111.බලවත් හා ස්වාදීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීමේ අරමුන ඇතිව අධිකරනයේද සහාය ඇතිව අදිකරනයේ පරිහානිය කෙරෙහි බලපෑ හේතු හදුනා ගනිමින් ස්වාදීන හා කාර්‍යක්ෂම අධිකරණ ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රති සන්ස්කරන ඇති කිරීම.( අ)අධිකරණයට පරිපූරණ වශයෙන් ” සමාලෝචන බලය” ලබදීම.

1V.ප්‍රජාතන්තරවාදි දේසපාලන ක්‍රමයක් තුල ජනමාද්‍ය වලට ලැබෙන අති විශාල වැදගත් කම සලකා ලංකාවේ ජනමාද්‍ය ඉටුකරන කාර්‍ය භාරයේ ශක්තීන් හා සීමා සහිත කම් ගැනද, එයට විටින් විට එල්ලවී තිබෙන බිහිසුනු මර්දනයන් ගැනද සොයා බලන අතර ජනමාද්‍ය නිදහස සහතික කිරීමට හේතුවන, ජනමාද්‍යවල ප්‍රමිතිය වර්ධනකිරීමට හේතුවන හා ජනමාද්‍ය සමාජයට වග කියන තත්වයක් සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා විදි විදාන ඇති කිරීම.

V.බිහිසුනු පිළිකාවක් ලෙස රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයත් රාජයයේ දේසපාලන හා නිලදර තන්ත්‍රයත් වෙලාගෙන තිබෙන දූෂණය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර දූෂනය මුලු මනින් තුරන් කිරීමට හේතුවන බලවත් හා ප්‍රායෝගික ප්‍රති සන්ස්කරන ඇති කිරීම.

V1.රටේ සංවර්දනය ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන
අඛන්ඩව ගලායන ස්තීර දෙයක් බවට පත්ක්‍රීම සඳහාත් එම විෂයේදී දේසපාලකයින්ට හෝ නිලදාරින්ට හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට තිබෙන ඉඩ මුලුමනින් ඇහැරීම සඳහාත් සංවර්ධනයට අදාල සියලුම වැදගත් අංස ඇතුලත් කරගන්නා ” ජාතික ප්‍රතිපත්ති ” රාමුවක් ඇති කර ගැනීම.

V11.ඉංදියාවේද මැදිහත් වීමක් ඇතිව පළාත් සභා ක්‍රමයක් ඇති කරන ලද්දේ උප ජාතික තලයේ පාලනයක් සඳහා ප්‍රධාන කොට දෙමල ජනයාගේ අභිලාෂ සපුරා ලීම සඳහාය.එම ක්‍රමය ඇති කරන අවස්තාවේදී රටේ පැවති බිහිසුනු වතාවරනය තුල සන්සුන්ව තර්කානු ලෙස කරුනු සලකා බැලීමේ හැකියාවක් රටවල් දෙකටම නොතිබුනිකඇතිකල එම ක්‍රමය අවුල් සහගත වීම එහි නොවැලැක්විය හැකි ප්‍රතිපලයක් ලෙස සැලකිය හැකිය..ඒ නිසා දෙමල ජනයාගේ අභිලාෂයන්ට හානියක් නොවන ලෙස ඉංදියාවේද එකඟ තාවය ඇතිව පළාත් සභා ක්‍රමයේ තිබෙන අවුල් සහගත භාවය නැති කොට ක්‍රමවත් කිරීමට හේතුවන ප්‍රති සන්ස්කරන ඇතිකිරීම.

V111. නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන දෙකක් වන නීති පති දෙපාරත මේන්තුව හා පොලිසිය ගැන කරුනු සොයා බලා එම ආයතන දෙක යහපත් ඵලදායි හා කාර්‍යක්ෂම කිරීමට හේතු වන ප්‍රති සන්ස්කරන ඇති කිරීම.

1X.රජයේ සේවයේ සුවිශාලත්වයද( හැම පුද්ගලයින් 15 කටම රජයේ සේවකයෙකි)එහි තිබෙන දූෂනය හා අකාරයක්ෂම තාවද ලංකාවේ අසාරතක බාවය හා බංකොලොත් භාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධන සාධකයකි.රජයේ බදු එකතුකරන හා බලපත්‍ර උපයන ආයතන තිබෙන්නේ දූෂනය රජ කරන තත්වයකය.ලාබ. ලැබීමේ හැකියාව තිබියදී දිගින් දිගට පාඩු ලබමින් පව්ත්වාගෙන යන රජයේ සමහර අයතනද රට බංකොලොත් කිරීමට දායකවූ අයතන ලෙස සැලකිය හැකිය.රටේ ආර්‍රක්ෂක වියදම තිබෙන්නේද රටට ඉසිලිය නොහැකි තත්වයකය.එම ට්තත්වය ගැන සොයා බලා රජ්‍යය අංසයේ සේවක ප්‍රමානය අඩු කොට රාජ්‍යය අංසය කාර්‍යක්ෂම හා ඵලදායි කිරීමට හේතුවන ප්‍රති සන්ස්කරන ඇති කිරීම.

READ:   අතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි

X.එම ප්‍රති සන්ස්කරන නීති ගත කිරීම සඳහා ” මහජන සහබාගි ක්‍රමයට” නව විවස්තාවක් ඇති කර ගැනීම.

Victor Ivan – founder Ravaya News Paper

4. විවස්තාව උල්ලංඝනය කිරීම:

( අ) විවස්ථාව චේතනාන්විතව උල්ලංගනය කිරීම දඬුවම් ලබා දිය යුතු වරදක් බවට පත් කළ යුතුය.

( ආ)විවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී හරය දුර්වල කිරීමට හෝ විකුර්ති කිරීමට හේතු වන සංසෝදන ඉන්දියාවේ මෙන් නීති විරෝදි කල යුතුය.

( ආ) ඒ සඳහා අවශ්‍ය බලය ශ්‍රේෂ්ඨාදිකරනය ට දිය යුතුය.

ප්‍රතිසංස්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම:

1. ප්‍රතිසංස්කරණ වැඩ සටහන සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තු නියෝජිතයින් ගෙන් ද මහජන නියෝජිතයින්ගෙන්ද සමන් විත විවස්තා සම්පාදක කමිටුවක් පිහිටුවා ගත යුතුය.

(අ) එය පාරලිමේන්තුව තෝරාගත් නියෝජිතයින් 50 දෙනෙකු ගෙන්ද මහජන නියෝජිතයින් 100 දෙනෙකු ගෙන්ද සමන් විය යුතුය.

( ආ) පාර්ලිමේන්තු නියෝජිතයින් 50 දෙනාට අගමැති, විරුද්ද පක්ෂ නායක හා පාරලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ද ඇතුලත් විය යුතුය.

( ඇ) මහජන නියෝජිතයින් 100 දෙනාද සමාජයේ සියලු බෙඳීම් නියෝජන කරන හා මෙම කාර්‍යට නිර්මානශීලිව දායක වීමේ හැකියවක් ඇති අයගෙන් සමන් විත පිලිගත හැකි ක්‍රමයකට තෝරා ගත් අය විය යුතුය.

( ඉ) කමිටු රැස්වීම් වලට සහබාගි වීමේ නිල බල ජනාධිපතිට තිබිය යුතුය.

11.එම කමිටුවේ සියලු රැස්වීම් මහජනයාට පෙනෙනෙ ලෙස පාරදෘශ්‍ය අකාරයකට සිදු කල යුතු අතර එම ක්‍රියා දෑමයේදී මහජනයාටද අදහස් පල කිරීමට ඉඩදෙන කවුළු ගනනාවක් පවත්වාගෙන යායුතුය.

111.එක්සත් ජාතින් ගේ සන්විදානය මේ වැඩ සටහනේ නිරීක්ෂකයෙකු ලෙස සහබාගි කර ගත යුතු අතර ප්‍රති සන්ස්කරන වැඩ සටහන විදිමත් හා ප්‍රායෝගීක කරගැනීමට අවශ්‍ය තාක්ෂනික උපදෙස්ද ,මෙම වැඩ සටහනට සම්බන්ද ප්‍රදාන කණ්ඩායම් පුහුනු කිරීම සඳහා යොදා ගත හැකි විශේෂඥයන්ද, එක්සත් ජාතින්ගේ සන්විදානයෙන් ලබා ගත යුතුය.අවශ්‍ය උපදේශකයින් පත් කර ගැනීමේ බලයද කමිටුවට තිබිය යුතුය.

1V. ප්‍රතිසංස්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු විය යුතුය.

( අ) පළමු අධියරය: කරුනු සොයා බැලීම සඳහා නිලධාරි කමිටු හෝ කොමිෂන් සභා පත් කොට ඒවා පවත් වාගෙන යාම

( ආ) වගන්ති 111සදහන් අධිකරන ප්‍රති සන්ස්කරන, වගන්ති 1V සඳහන් ජනමාද්‍ය ප්‍රති සන්ස්කරන හා වගන්ති 11 සදහන් මැතිවරණයක් දක්වා වන අලුත් ආණ්ඩු ක්‍රමය සඳහා වන ප්‍රති සංස්කරන ඇති කිරීම

( ඇ)මැතිවරනය පැවැත්විය යුත්තේ ආණ්ඩු පාලන බලයට අතිරේකව විවස්තා සම්පාදක මණ්ඩලයට නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරනයක් වශයෙනි

( ඈ) පළමු අධියරය ට ඈතුලත් එම කටයුතු වසරක කාලයක් තුල සම්පූර්ණ කළ යුතුය.

V.ප්‍රති සන්ස්කරන වැඩ සටහනේ දෙවැනි අධියරය:( අ)බලයට. පත්වන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස රට පාලනය කරනවාට අතිරේකව අතුරු විවස්ථාවට ඇතුලත් ප්‍රති සන්ස්කරන වැඩ සටහන එහි නියම කර තිබෙන අකාරයට සම්පූර්ණ කළ යුතුය.

READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

( ආ) අලුත් පාරලිමේන්තුව තේරී පත් වීමෙන් පසු පළමු අදිරයේදී ඇති කරගත් විවස්ථා සම්පාදන කමිටුව අහෝසි වී පාරලිමේන්තුව විවස්තා සම්පාදන කටයුතු හා ප්‍රති සන්ස්කරන වැඩ සටහනේ ඉතිරි කොටස ඉදිරියට ගෙන යන බලය ලත් අයතනය බවට පත් විය යුතුය..

( ඇ) විවස්තා සම්පාදක කමිටුව විසුරුවා හැරීමෙන් පසුත් විවස්ථා සම්පාදන ක්‍රියාවලිය පාරදෘශ්‍ය තත්වයකින් පවත්වස්ගෙන යායුතු අතර මහජනයාට එම විවස්ථා සම්පාදන ක්‍රියාවලියට ක්‍රියා කාරි ලෙස සම්බන්ද වීමට ඉඩ ලබා දෙන ප්‍රසස්ත රාමුවක් විවස්ථා සප්පාදක මණ්ඩලය පවත්වාගෙන යායුතුය.

(ඈ) සම්පාදනය කල විවස්ථාවට ද්වි මණඩල විවස්ථා දායකයේ තුනෙන් දෙකක අනුමැතිය ලබා ගැනීමෙන් පසු අධිකරණයේද අනුමැතිය ලබාගනිමින් ඉන් පසු පවත්වන ජන මත විචාරනයකින්ද අනුමැතිය ලබා ගත යුතුය.

6. අතුරු විවස්ථාව:

කිසියම් රටක සමාජ – දේස්පාලන ක්‍රමයේ හා ආර්තිකයේ මහා බිඳවැටීමක් ඇතිවී අසමාන්‍ය තරමේ අර්බුදයකට ගිය අවස්ථාවකදී ඉන්න පරණ ක්‍රමයෙන් අලුත් ක්‍රමයකට මාරුවීම සඳහා පරන විවස්ථාව සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත නොහැකිය.” අතුරු විවස්ථාව “එවැනි තත්වයේ අර්බුදයන්ට ගිය බොහෝ රටවල් අර්බුදයට ගිය පරන ක්‍රමය අතහැර නෛතික අඛන්ඩතාවද ආරක්ෂා කර ගනිමින් අලුත් ක්‍රමයකට මාරු වීම සඳහා පාළමක් ලෙස යොදාගෙන තිබෙන අන්තර් ජාතික නීතියෙන්ද පිලිගන්නා සාර්තක ක්‍රමයකි.විශාල අර්බුදයකට ගොස් තිබෙන අප රටටද පරන විවස්තාව යොදා ගෙන අලුත් ක්‍රමයට මාරු වීම ඉතාමත් දුෂකරය.අතුරු විවස්තාවක් ඇති කර ගැනීම එම දුෂ්කර තාවය ජය ගැනීම සදහා යොදා ගත හැකි හොදම ක්‍රමය ලෙස සැලකිය හැකිය.එය අලුත් විවස්තාවක් ඇති කරගන්නා තෙක් යොදාගන්නා අන්තර් විවස්ථාවක් වන නිසාත් අලුත් විවස්ථාවක් ඇති කර ගැනීමෙන් පසු එයට මහජන අනුමැතිය ලබා ගැනීම සඳහා හා පරන විවස්ථාව අවලංගු කිරීම සදහා අවශ්‍ය මහජන අනුමැතිය සඳහා ජන මත විචාරනයක් පවත්වන බවට ඇතුරු විවස්ථාවෙන් සහතික වන නිසාත් සියළු ප්‍රති සන්ස්කරන කට යුතු අවසන් කිරීමෙන් පසු මිස ඊට පෙර අතුරු විවස්ථාව සදහාජන මත විචාරනයක් අවශ්‍ය වන්නේ නැත.අතුරු විවස්ථාව කෙටුම්පත් කල යුත්තේ විවස්තා සම්පාදක කමිටුව විසිනි.සමස්ත ප්‍රති සන්ස්කරන වැඩ පිලිවෙලද ,එය ක්‍රියාවට නැඟිය යුතු අකාරයද, කාල රාමුවද , වෙනත් අවශ්‍ය සියළු කරුනුද ඊට ඇතුලත් විය යුතුය.විවස්ථා සම්පාදක කමිටුවට අවශ්‍ය බලය ලැබෙන්නේද එම අතුරු විවස්තාවෙනි..එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක අනුමැතියකි සම්මත කර ගත යුතුය. .

7 .මහජන අධ්‍යාපනය:

මහජනයාට බර තබන ලද මෙවැනි ප්‍රති සන්සරණ වැඩ සටහනක් සාර්තක කරගැනීම සදහා මහජනයාට අධ්‍යාපන දීම අරමුණු කරගත් ප්‍රසස්ත උපාය මාර්ගික ප්‍රචාරක හා අධ්‍යාපනික වැඩ පිලිවෙලක් තිබිය යුතුය.එම වැඩ සටහනට සමස්ත ජන ගහනයෙන් සීයට 80 ක් තරම් ප්‍රමානයක් වෙතවත් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යූතුය.

ප්‍රතිසංස්කරණ වැඩ සටහන අවසන් කිරීම :

නව විවස්ථාවට අනුමැතිය ලබා ගැනීම සදහා පැවැත්වෙන ජන මත විචාරනයත් සමග ප්‍රති සන්ස්කරණ වැඩ සටහන අවසන් වන අතර දෙවැනි අධියරයේ කටයුතු වසර තුනකට අඩු කාලයක් තුල සම්පූර්න විය යුතුය.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්