Tuesday, December 2, 2025
Homeදේශීයඖෂධ හා ශල්‍ය උපාංග ආනයනයට ඩොලර් මිලියන 44ක ණයවර ලිපි

ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනයට ඩොලර් මිලියන 44ක ණයවර ලිපි

ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනය කිරීමට අදාළව ඩොලර් මිලියන 44ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර අමෙරිකන් ඩොලර් මිලියන 19.2ට අදාළව ඖෂධ වර්ග 186ක් සඳහාත්, යූරෝ 175000කට අදාළව ඖෂධ හා ශල්‍ය උපකරණ 12ක් ගෙන්වීමටත්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.7කට අදාළ ඖෂධ ශල්‍ය උපාංග සහ වෛද්‍ය පාරිභෝජක ද්‍රව්‍ය 73ක් සඳහා මේ වන විටත් ණයවර ලිපි විවෘත කර තිබේ.

එසේම ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග101ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇති අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් එම ඖෂධ මෙරටට ගෙනු එනු ලැබේ.

ඉන්දීය රජයද රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය පරිත්‍යාගයක් සිදුකර ඇත. එම ඖෂධ තොගයද සතියක් ඇතුළත මෙරටට ලැබීමට නියමිතව තිබේ.

තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.37ක් වටිනා වෛද්‍යාධාර හා තායිලන්ත රජයෙන් රුපියල් මිලියන 340ක් වටිනා වෛද්‍යාධාර මැයි මාසයේ පළමු සතියේදීත් මෙරටට ලැබීමට නියමිතව තිබේ. සිංගප්පූරු රතු කුරුස සංවිධානය ද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ලෙස සපයන බව තහවුරු කර ඇත.

ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කිරිමට අදාළව ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකිව තිබිණි.

රන්මලී සෝමසිරි – dinamina

READ:   පාසැල් වලින් 50% කට දිවා ආහාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්