දේශීය

තෙරේසා මව්තුමියගේ පුණ්‍යායතනයට විදේශ අරමුදල් සැපයීමේ බලපත්‍රය අලුත් කිරීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු ලැබූ අන්ත දුගී ඉන්දියානුවන් සඳහා ආධාර ලබා දෙන ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය සඳහා වන විදේශ අරමුදල් සැපයීමේ බලපත්‍රය අලුත් කිරීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.

නිවාස, පාසල්, සායන මෙන් ම අනාත දරුවන් සඳහා ද විදේශ ආධාර ලබා දෙන මෙම සංවිධානය සඳහා වන ලියාපදිංචිය දීර්ඝ නොකරන බවට පසුගිය නත්තල් දිනයේදී ඉන්දීය නිවාස අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන්දියානුවන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එම සංවිධානයේ වැඩසටහන් භාවිත කරන බවට හින්දු මතධාරීන් බොහෝ කලක සිට චෝදනා කර ඇති බව ය.

කෙසේ වෙතත්, එම චෝදනා ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ පදනම මගින් ප්‍රතික්ෂේප කර ඇත.

විදෙස් මාධ්‍යය සඳහන් කළේ, එම සංවිධානය ලද ආධාර තැන්පත් කර ඇති ගිණුම් අක්‍රීය කිරීමට ද ඉන්දීය රජය කටයුතු කර ඇති බව ය.

මැසිඩෝනියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ තෙරේසා මව්තුමිය විසින් පිහිට වූ ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය කල්කටාව මූලිකව ආරම්භ වී ඇත්තේ, 1950 වර්ෂයේදී ය.

එම සංවිධානය ලොව වඩා ත් පිළිගැනීමට ලක් වූ කතෝලික පුණ්‍යායතනයක් ලෙස ප්‍රචලිත ය.

ඒ හරහා සුවිශාල මානුෂීය සේවයක් ඉටු කළ තෙරේසා මව්තුමියට 1979 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.

2015 වර්ෂයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබූ අතර ඒ ඇය ජීවිතක්ෂයට පත්ව වසර 19කට පසුව ය.

Recent Posts

BREAKING ආපදා සහන මෙහෙයුමට එක්ව සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ…

2 days ago

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් කඩුවෙලට

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත්…

3 days ago

රාජාංගනයේ සිරිවී සිට පුදගලයින් 33ක් ගුවන් බේරා ගැනෙයි

රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17…

3 days ago

ආපදා තත්වය නිසා හෙට පාර්ලිමේන්තුව පැය බාගයයි

• දෙසැම්බර් 1 සහ 2 අය වැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටත් තීරණයක්... පවතින ආපදා…

4 days ago

ජාත්‍යන්තර පාසල් හෙට නිවාඩු. රජයෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සදහා…

4 days ago

හෙට නිවාඩු දිනයක්. රජය නිවේදනය කරයි

හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජයප්‍රකාශ කර…

4 days ago